මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල දිස්ත්‍රික් සාහිත්‍ය උළෙල

    නොවැම්බර් 01, 2016
    කෑගල්ල දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කෑගල්ල නගර ශාලාවේ දී පැවැත්විණි.
    ‘වින්දනීය ජීවිතයක් උදෙසා සිංහල ගීතය‘ යන මැයෙන් මෙහි දී ප්‍රධාන දේශනය සිදුකරනු ලැබුයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නිමල් විජේසිරි මහතා විසිනි. එමෙන්ම විජේරත්න අතුරුපාන මහතා විසින් සම්පාදිත ‘පෙර පරපුරේ විස්කම්‘ කාව්‍ය ග්‍රන්ථය එළි දැක්වීම ද මෙහි දී සිදුකෙරිණි. 
     
    කෑගල්ල දිස්ත්‍රික් සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමීම ද මෙහි දී සිදු කෙරුණ අතර මේ අවස්ථාව සදහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ප්‍රභාත් උදාකර මහතා හා රුක්මණී ආරියරත්න මහත්මිය, කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  කාර්ය මණ්ඩලය ද, ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලයේ සාමාජිකයන්, පාසල් දරුවන් , ගුරුවරුන් හා දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya