අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වෙසක් උත්වසය වෙනුවෙන් කමිටුවක්

    ඔක්තෝබර් 20, 2016

    එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවය පැවැත්වීම වෙනුවෙන් ඒකාබද්ධ ජාත්‍යන්තර කමිටුවක් පත් කර තිබේ.

    2017 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවය සංවිධානය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ පළමු විධායක කමිටුව එක්සත් ජාතීන්ගේ වෙසක් දින ජාත්‍යන්තර කමිටුවේ සභාපති මහාචාර්ය බ්‍රහ්මපණ්ඩිත් හිමියන්ගේ හා  අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී හමු වූහ.

    එහිදී අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ සභාපතිත්වයෙන් හා  එක්සත් ජාතීන්ගේ වෙසක් දින ජාත්‍යන්තර කමිටුවේ ලේකම් ආචාර්ය Phra Sigambhirayarn (තායිලන්තය ) හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ ජාත්‍යන්තර කමිටුවක් පත් කරන ලදී .

    එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ආචාර්ය තම්පලාවේ ධම්මරතන හිමි, මහාචාර්ය Hansa Dhammahaso හිමි, (තායිලන්තය ) ආචාර්ය Yuan Ci හිමි (චීනය )  ,මහාචාර්ය Dhammasami හිමි, (වියට්නාමය)  Seng Hung හිමි, Bhante Chao Chu හිමි , (ඇමෙරිකාව) ආචාර්ය Khammai Dhammasami (එංගලන්තය )  හිමි  බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක ,අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, ඉඩම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් උයන්ගොඩ , අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ බී. අබේකෝන්, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උපදේශක නිලන්ත කුමාරගේ යන මහත්වරුන් වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya