අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ වැඩිහිටියන් ඇගයේ

    ඔක්තෝබර් 19, 2016
    පසුගියදාට යෙදී තිබුනු ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කල වැඩිහිටි උත්සවයක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කෑගල්ල නගර ශාලාවේ දී පැවැත්විනි.
    මෙම අවස්ථාවේදී කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැඩිහිටියන් ඇගයීම සිදුකෙරුණ අතර මෙහි දී බල ප්‍රදේශයේ වයස අවුරුදු සියය ඉක්මවූ වැඩිහිටියන් දෙදෙනෙකු සදහා රුපියල් දසදහස බැගින් ප්‍රදානයන් ලබා දෙන ලදී.
     
    ඒ අනුව වයස අවුරුදු 104 ක් වූ පී.සැම්පි නෝනා මහත්මිය වෙත කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා විසින් මූල්‍යමය ත්‍යාගයක් ප්‍රධානය කළේය. පී සැම්පි නෝනා මහත්මියට දරුවන් 7 දෙනෙකු සිටින අතර මුණුපුරු මිණිපිරියන් 42 ක් සිටිති.
     
    මේ අවස්ථාව සඳහා කෑගල්ල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ වැඩිහිටි සමිතිවල ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ. ඔවුන්ගේ නැටුම් ගැයුම්වලින් උත්සවය වර්ණවත් විය. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya