අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය අද

    ඔක්තෝබර් 14, 2016
    2016 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය අද (14) පස්වරු 4.00 ට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ සහභාගිත්වයෙන් මහරගම, යූත් රඟහලේ දී පැවැත්වේ.
     
    2016 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසන් වටයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය පසුගිය දා මරදාන, ටවර් රඟහලේ  දී වේදිකාගත කරන ලද අතර එම නාට්‍ය අතුරින් හොඳම ළමා නාට්‍ය, හොඳම නාට්‍ය පිටපත් රචනය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සංගීතය, හොඳම වේදිකා පසුතල නිර්මාණය, හොඳම වේෂනිරූපණය, හොඳම වේදිකා පරිපාලන, හොඳම රංගාලෝකය ආදී අංශ සඳහා මුදල් ත්‍යාග, සම්මාන හා සහතික පිරිනැමීමට නියමිතය.
     
    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය මගින් රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya