මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොත පත කියවීම ප්‍රවර්ධනයට වැඩසටහන් රැසක්

    ඔක්තෝබර් 12, 2016

    ජාතික කියවීමේ මාසය මුල්කරගනිමින්, උතුරු නැඟෙනහිර පළාත් මහජන පුස්තකාල,පාසල් සඳහා පාසල් පොත්පත් පරිත්‍යාග කිරීම, ලී බඩු උපකරණ බෙදාදීම ඇතුළු වැඩසටහන් මාලාවක්  පුස්තකාල සේවා මණ්ඩලය විසින් ක්‍රියාවලට නංවා තිබේ.

    ග්‍රාමීය පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව පුස්තකාල සඳහා පොත්පත් ලබාදීම,සාහිත්‍ය කෘති විචාරාත්මක තරඟ හා රචනා තරඟ පවැත්වීම,බන්ධනාගාර රැදවිය සඳහා කියවීම,සාමජික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

    එසේම කියවීමේ මාසයේ දී ජාතික පුස්තකාල සාමජිකත්වය නොමිලේ ලබාදීම සිදු කෙරේ. ජාතියට කියවීම හුරුකරවීමේ පුරෝගාමියා ලෙස ජාතික පුස්තකාලය සැම වසරකම මෙම ජාතික කර්තව්‍ය ක්‍රියාවලට නංවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya