අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර ගිහි පිරිත් කණ්ඩායම් වලට පිරිත් පොත් පිරිනැමීමේ පුණ්‍ය කර්මයක්

    ඔක්තෝබර් 11, 2016
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගිහි පිරිත් කණ්ඩායම් සදහා පිරුවානා පොත් වහන්සේ පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මය අනුරාධපුර දිස්ත්‍රික් ලේකමි  ඩී.පී.ජී කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා 
    පැවැත්විණි. 
    මෙහිදී ප්‍රදානය කළ පිරුවානා පොත් වහන්සේ සංඛ්‍යාව 500 කි.බෞද්ධ ප්‍රබෝධය ඇති කරමින් ගිහි පිරිත් කණ්ඩායම් සිදු කරන සමාජ මෙහෙවර ඇගයීම මෙහි ප්‍රධාන අරමුණයි.
     
    මෙම සමාජ සත්කාරය සදහා ඉදිරිපත් වුයේ හොරණ පොකුණුවිට සත්ජන සමාජ සංවර්ධන පදනමයි.ඒ සදහා පුර්ණ අනුසාශකත්වය ලබා දෙන ලද්දේපොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමවාසී ශාස්ත්‍රපකි පුජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමිපාණන් විසිනි.
     
    මෙම උත්සවයේ දී  අනුරාධපුරයේ ඇති 488 ක් වන ගිහි පිරිත් කණ්ඩායම් වෙත පිරුවානා පොත් වහන්සේ පිරිනැමිණි.අනුරාධපුර දිස්ත්‍රික් සංස්කෘතික අංශය වෙනුවෙන් මෙම පුණ්‍ය වැඩසටහන සම්බන්ධීකරණය හා සංවිධානය සිදුකළේ දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරි ඒ.කේ.සිරිවර්ධන  මහතායි. 
     
    AP/DMU-Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya