මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය උළෙල

    ඔක්තෝබර් 03, 2016
    ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය උත්සවය, ඌව පළාත් ආණ්ඩුකාරවර අධි නිතීඥ ඇම්.පී.ජයසිංහ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
    ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ පුර්ණ මෙහෙයවීම යටතේ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සහ ඌව පළාත් සංස්කෘතික අමාත්‍යංශය මෙම උත්සවය සංවිධානය කළ අතර විවිධ ක්ෂේත්‍රයන් සඳහා සම්මාන ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි.
     
    පාසල් මට්ටමින් පැවැත්වූ තරඟ වලින් ජයග්‍රහණය කළ දරුදැරියන්ට සහ විවෘත අංශයන්හි ජයග්‍රාහකයින්ට සහතිකපත් සහ සම්මාන ප්‍රදානය මෙහිදී සිදුකෙරිණි. 2016 වසරේ වැඩිම නිර්මාණ දායකත්වයක් දැක්වූ සිංහල මාධ්‍ය පාසැල ලෙස බදුල්ල විහාර මහා දෙවි බාලිකා විද්‍යාලයත්, දෙමළ මාධ්‍ය පාසැල ලෙස බණ්ඩාරවෙල  දෙමළ  මහා විද්‍යාලයත් සම්මාන ලැබීය.
     
    රාජ්‍ය සම්මාන ලාභී කිවියර රත්න ශ්‍රී විජේසිංහ මහතා උත්සවයේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගී වූ අතර ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වෙල, ඌව පළාත් ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් කේ.එම්.එස්.අබේසුන්දර යන මහත්ම මහත්මීන්, පළාත් රාජ්‍ය සේවකයන්, සම්මාන හා සහතිකපත් ලාභීන් සහ පාසැල් දරු දැරියන් විශාල පිරිසක්  මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
    AP/DMU-Badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya