මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය පළමුවරට ලෝක ළමා දිනය සමරයි.

    ඔක්තෝබර් 01, 2016
    ලෝක ළමා දිනය සැමරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක් වේ. වරායේ අභිමානය දරුවන්ටත් යන තේමාව යටතේ එම සැමරුම් උළෙල අද පෙරවරු 9.00 ට කොළඹ වරායේ මගී පර්යන්තයේදී ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
    වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහනෙහි මූලික ඉලක්කය වරාය සේවක සේවිකාවන්ගේ දරුවන්ගේ දක්ෂතා වර්ධනය කිරීමයි.
     
    ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලෝක ළමා දිනය සමරන පළමු අවස්ථාව මෙයයි. වයස අවුරුදු 09 ත් 12 ත් අතර කුඩා දරු දැරියන් පන්දහසකට අධික ප්‍රමාණයක් සඳහා මෙම සැමරුම් උත්සවයට ආරාධනා කර තිබේ. මෙම සැමරුම් උත්සවය සඳහා සහභාගීවන සෑම දරුවකු සඳහාම තිළණ ප්‍රදානය කිරීමද විශේෂත්වයකි. එය වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාගේ සුරතින් සිදුකෙරේ.  
     
    මෙම දරුවන්ට සමුද්‍රීය ක්ෂේත්‍රයේ පැරණිතම කෞතුකාගාරය වූ  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමුද්‍රික කෞතුකාගාරය නැරඹීමේ අවස්ථාව ද උදාවනු ඇත. 
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya