මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ළමා නාට්‍ය උළෙල - 2016 හෙට සිට

    සැප්තැම්බර් 19, 2016
    2016 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල හෙට (20) සිට සැප්. 27දා දක්වා ප.ව. 5.00 ට මරදාන, ටවර් රඟහලේ දී  පැවැත්වේ.
     
    රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එකම වේදිකාවේ දී පැවැත්වේ. ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා  භාෂා තුනෙන්ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 15ක් හා විවෘත අංශයේ නාට්‍ය  ළමා නාට්‍ය 06 ක් වේදිකාගත කිරීමට නියමිතය.
     
    ‍රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් රඟ දැක්වෙන සියලුම නාට්‍ය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර එම නාට්‍ය නැරඹීමට පැ‍මිණෙන ලෙස පාසැල් සිසුන් ඇතුලු සියලු දෙනාට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විවෘතව ආරාධනා කරයි.
     
    සැප්. 20 වත්තල, ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ “හැපිලි එවර් ආෆ්ටර්”, නුගේගොඩ, සමුද්‍රදේවී  බාලිකා මහා විද්‍යාලයේ “ෆේරිස් ආ හැපී”, බන්දුල සරත් වඩුතන්ත්‍රි ගේ “ලෝකෙට ලොක්කා”
     
    සැප්. 21 සොදුරු ලොකුපෝතාගම ගේ “නයිටින්ගේල් කිරිල්ලි”, කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ “ ගුවනින් ආ බෝනික්කා”, නිලංක නාමල් උඩුමුල්ලගේ  “පෙන්ගුයින්”
     
    සැප්. 22 නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයේ “ නිහඬ ගෙතුම්කාරී”, සචිත්‍ර රාහුබද්ද ගේ “ටිකර්ටි ටේල් ටේලර් ”, ගමගේ පුබුදු සුභාෂණ කුරුගලගේ  “ඇහැල මලයි පිට්ටනියයි ”
     
    සැප්. 23 මහනුවර ශ්‍රී චන්දාන්ද බෞද්ධ විද්‍යාලයේ “ පඹ-රෝ “, ඒ. ප්‍රශාන්ත් ගේ “   අඩයාලම්  ”, ඩී.කේ. ආටිගලගේ  “ඇලඩින්ගේ පුදුම පහන”
     
    සැප්. 24 කොත්මලේ හරංගල ද්වීතික පාසැලේ  “යාළුයි අපි යාළුයි“, වාලච්චේන, කරුවාකේනි විග්නේෂ්වර් විද්‍යාලයේ “කාකයින් යාරීන් කට්පිත්තල්”, හාලිඇල මධ්‍ය මහා විද්‍යාලයේ  “යාළුවො අපි රත්තරන්” 
     
    සැප්. 25 කුලියාපිටිය ජාතික පැසැලේ  “රූකඩ පොඩ්ඩෝ” , හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාපීඨයේ  “වැට අද්දර වේදිකාව”, වත්තල, ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ “සුවඳයි අපේ අම්මා ”
     
    සැප්. 26 සේරුනුවර මහවැලි නවෝද්‍යා පාසැලේ “මල් තිඹිරියි ගෙඩි තිඹිරියි” , කල්මුනේ  කාල්මේල් පැට්ට්‍රිමා විද්‍යාලයේ “මුගනග නට්පදු නට්පන්රු”, පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ  “හුලං කුරුල්ලා”
     
    සැප්. 27 ආර්.එම්.හර්ෂණී රත්නායකගේ “සමනල පොත”, (ආරාධිත) සචිත්‍ර රාහුබද්දගේ “ලාෆින් ඩ්‍රීම්ස්”(ආරාධිත)
     
    අභ්‍යන්තර කටයුතු , වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය එක්ව රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya