අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ප්‍රාදේශිය සාහිත්‍ය උළෙල 19 වැනිදා

    සැප්තැම්බර් 17, 2016
    2016 මාතර ප්‍රාදේශිය සාහිත්‍ය උළෙල මේ මස 19 වැනිදා පෙ.ව. 9.00 සිට මාතර ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
    සාහිත්‍ය උළෙලේ ප්‍රධාන දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහතා විසින් පවත්වන අතර ප්‍රවීණ ගත්කතුවර  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජයතිස්ස තෙන්නකෝන් මහතා විසින් රචිත “මාතොට පුරාණය“ ඓතිහාසික පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහි දී සිදු කෙරේ.
     
    පාරම්පරික දේශිය කලාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා, ජනශ්‍රැතිය හා ජන සාහිත්‍යය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා සහ විද්‍යාත්මක සොයාගැනීම් වෙනුවෙන් ද මෙහිදී උපහාර පිරිනැමේ.
     
    දකුණු පළාත් යෞවන කටයුතු ග්‍රාම සංවර්ධන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය, සංස්කෘතික අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සහ දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිත ය.
     
    සංස්කෘතික බලමණ්ඩලයේ සහාය ඇතිව මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සාහිත්‍ය උත්සවය සංවිධානය කරයි.
     
    AP/DMU-Matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya