මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීනිගම දෙවොල් මහා දේවාලයේ ඇසළ මහා පෙරහැර 26 දා

    අගෝස්තු 22, 2016
    ඓතිහාසික සීනිගම දෙවොල් මහා දේවාලයේ ඇසළ මහා පෙරහැර මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සංවිධායක කමිටුව තීරණය කර ඇත.
    ඒ පිළිබඳ සාකච්ඡාවක් අද දින ගාල්ල් අතිරේක දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකු පෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්  ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. 
     
    පළමු වරට විනෝද ආඥා පනත යටතේ ජාතික උත්සවයක් වශයෙන් ගැසට් කරන ලද සීනිගම දෙවොල් පෙරහැර 49  වන වරට  මෙසේ වීථි සංචාරය කෙරේ.
     
    අගෝස්තු මස 26 වන දින  ආරම්භ කෙරෙන මෙම මහෝත්සවයේ  පළමු පෙරහැර අගෝස්තු 28 වන දින  දිවා කාලයේ වීථි සංචාරය කෙරේ. අවසන් පෙරහැර අගෝස්තු 31 වන දින රාත්‍රී 10.00ට වීථි සංචාරය කිරීමට නියමිත අතර පසු දිනට යෙදෙන දෙවොල් මඩු ශාන්තිකර්ම යාගයෙන් සහ දේවදානයෙන් පුජෝත්සවයේ වැඩ කටයුතු නිම කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. 
     
    අලි ඇතුන් 20ක් සහ නර්තන කණ්ඩායම් 60 කින් පමණ ඇසළ පෙරහැර සමන්විත වේ.
     
    AP/DMU-Galle
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya