මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලාසූරි අරිසෙන් අහුබුදු ගුණ සමරුව 25දා

    අගෝස්තු 21, 2016
    කවියෙකු මෙන් ම ගීත රචකයෙකු වන කලාසූරි අරිසෙන් අහුබුදු මහතාගේ පස්වැනි ගුණ සමරු උළෙල අගෝස්තු 28දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.
     
    අහුබුදු කවීත්වය යන්න මෙවර ගුණ සමරුවේ තේමාව වී ඇත.
     
    කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමරු උළෙලේ මුලසුන අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහ නිකායේ මහා නායක බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමිපාණෝ හොබවති.
     
    ජ්‍යේෂඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සමරු දෙසුම පවත්වන අතර අයිවර් ඩෙනිස්, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද ජගත් වික්‍රමසිංහ, ජානක වික්‍රමසිංහ, චරිතා ප්‍රියදර්ශනී පීරිස් යන ගායක ගායිකාවෝ අහුබුදු කවි ගී ගයති. රැගුම් නිමැවුම බුදවත්ත රංගායතනය මගිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya