අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව උසම නත්තල් ගසේ ඉදි කිරීම් ඇරඹේ

    අගෝස්තු 19, 2016
    සාමය සහ සහජීවනය සුරක්ෂිත රටක් බිහි කිරීමට වත්මන් යහපාලන ආණ්ඩුවට හැකි වී ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.  කොළඹ ගාලුමුවදොර පිටියේ වරාය අන්තයේදී පැවැත්වුණු ලොව උසම නත්තල් ගස නිර්මාණය කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අර්ජුන රණතුංග මහතා මෙසේ පැවසීය.
    ලෝකයේ උසම නත්තල් ගස නිර්මාණය කිරීමේ ලෝක වාර්තාවට හිමිකම් කියනුයේ මෙක්සිකෝවයි. එහි උස අඩි 295ක් වේ. එම වාර්තාව බිඳ දමමින් ලොව උසම නත්තල් ගස ගාලුමුවදොර පිටියේදී නිර්මාණය කිරීම අර්ජුන රණතුංග සමාජ සත්කාරයෙහි මූලික අපේක්ෂාව වේ. ඒ සඳහා මංගල පස්පිඩැල්ල කැපීම සිදු කළේ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සුරතිනි. ඒ සර්ව ආගමික වතාවත්වලට මුල් තැන දෙමිනි. 
     
     “ඊළඟ පරම්පරාවට මේ රට භාර දෙනවිට ජාතීන් අතර ප්‍රශ්න නැතිවිය යුතුයි. ආගම් ප්‍රශ්න නැත්තටම නැතිවිය යුතුයි. අද අපේ මහානායක ස්වාමීන් වහන්සේලා, පියතුමන්ලාට, මවුලවිතුමන්ලාට, හින්දු පූජකතුමන්ලාට එකට ඉඳගෙන තම තමන්ගේ  ආගම් ගැන කතා කරන්න පුළුවන් වටපිටාවක් සැකසී තියෙනවා. බෞද්ධ රටක් හැටියට සෑම විටම අනෙකුත් ආගමික නායකයින් බෞද්ධාගමේ සුරක්ෂිතතාවට දක්වන්නේ විශේෂ සහයෝගයක්. විශේෂයෙන්ම පසුගිය දිනක අපේ කාදිනල් හිමිපාණන් වහන්සේ බෞද්ධාගමට හානියක් වීමට ඉඩ නොතැබිය යුතු බවට ප්‍රකාශ කළා. එවැනි ආගමික නායකයෝ අපේ රටේ සිටින විට දේශපාලකයින් මීට වඩා බුද්ධිමත් විය යුතුයි. අද අපිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත්, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් සමඟ සාර්ථක ගමනක් යන්න අවස්ථාව ලැබිලා තියෙනවා....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.  
     
    කොළඹ ගාලු මුවදොර පිටියේ වරාය අන්තයේ ඉදිකිරීමට නියමිත ලොව උසම නත්තල් ගස සඳහා ප්‍රමුඛ අනුග්‍රහය දක්වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බෞද්ධ සංගමයයි. සාමය සහ සහජීවනය ලොවට කියා පාන මෙම උසම නත්තල් ගස එළැඹෙන දෙසැම්බර් මාසයේ 24 වැනිදා විවෘත කිරීමට නියමිත බවද අර්ජුන රණතුංග සමාජ සත්කාරය පවසයි. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya