අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහසේ සිනමා කෘති ඉදිරිපත් කළ හැකි පසුබිමක් ඇති කළා- ඇමැති අකිල විරාජ්

    ජූලි 16, 2016

    කිසිදු දේශපාලන භේදයකින් තොරව, රටේ සියලු කලාකරුවන්ට නිදහසේ සිනමා කෘති බිහිකරන්නට අවශ්‍ය පසුබිම රටේ ඇති කර තිබෙන බව  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.


    කොළඹ, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට අයත් ඩිජිටල් පහසුකම් සමගින් නවීකරණය කළ, ශාලිකා  චිත්‍රාගාරය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී ‍වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


    අනාගත අභියෝග ජයගැනීමේ දී නව තාක්ෂණික වෙනස්කම් සමඟ එක්වීමට සිදුවන බවත් ලෝකයේ අති නවීන තාක්ෂණික පහසුකම් සපිරි සිනමා ශාලාවල  මට්ටමට අපේ සිනමාශාලාවන් ද උසස් තත්ත්වයට පත් කිරීම ජාතික අවශ්‍යතාවක් බවත් අමාත්‍යවරයා අමාත්‍යවරයා සඳහන් කළේය.

    පසුගිය කාලයේ විවිධ හේතූන් මත සිනමාව ද දේශපාලනීකරණය වී තිබූ බවද සිහිපත් කළ අමාත්‍යවරයා, වත්මන් රජය සිනමා කරුවන්ට  නිදහසේ තම නිර්මාණ බිහිකරන්නටත් ඒවා ප්‍රදර්ශනය කිරීමටත් අවස්ථාව උදාකර ඇති බවද සිහිපත් කළේය.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති සමන් අතාවුදහෙට්ටි, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රකාන්ත යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya