අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිනමා ශාලා වසරක් තුළ ඩිජිටල්කරණය කරයි

    ජූලි 15, 2016

    දේශීය සිනමාවට වසර 60ක් සපිරෙන මෙම වසරේ දී සිනමා ශාලා ඩිජිටල්කරණය කිරීමේ කටයුතු ආරම්භ කොට සිනමාවට වසර 70ක් සපිරෙන ලබන වසර වන විට එම ක්‍රියාවලිය අවසන් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

     


    ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (14) ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ පුංචි ශාලිකාව (Mini Theater) ඩිජිටල්කරණය කොට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.


    දීර්ඝ කාලයක් පුරා සිනමා ශාලා ඩිජිටල්කරණය කිරීම සාකච්ඡාවට ගැනුනද එය යථාර්ථයක් කිරීමට නොහැකි වූ බැවින් වත්මන් රජය ඒ සඳහා මුල්පිරීමේ කටයුතු ආරම්භ කොට ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.


    දේශීය සිනමාව විවිධ අර්බුධ රැසකට මුහුණ දී ඇති බවත් කලාකරුවන්, නිර්මාණකරුවන් මෙන් ම විද්වත් අදහස්වලට ගරු කරමින් රජයක් ලෙසින් ඉදිරියේ දී තීන්දු තීරණ ගැනීමට බලාපොරොත්තු වන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා දේශීය සිනමාවට වසර 60ක් සපිරීම ඇයගීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් පෙන්වා දුන්නේය.


    දේශීය සිනමාව දියුණු කරමින් ම විදේශ නිර්මාණකරුවන්ට පහසුකම් සලසන තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත් රන්මිණිතැන්න සිනමා ගම්මානය වැනි ස්ථානයන් ප්‍රයෝජනවත් ස්ථාන බවට පත් කොට විදේශීය නිර්මාණකරුවන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් ද ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වැඩබලන සභාපති සමන් ආතාවුදහෙට්ට, ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රසේන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya