මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ පුංචි ශාලිකාව හෙට විවෘත කෙරේ

    ජූලි 13, 2016
    ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ පුංචි ශාලිකාව (Mini Theater) විවෘත කිරීමේ උත්සවය ජූලි මස 14 වන දින ප.ව.3.00 ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
    කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අංක 224/1  දරන ස්ථානයේ පිහිටා ඇති මෙම පුංචි ශාලිකාව දේශිය සිනමාව හා සිනමා ශාලා ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ නව ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් මගින් යාවත්කාලීන කර ඇත. 
     
    ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන චිත්‍රපට නැරඹීම සඳහා මෙම පුංචි ශාලිකාව භාවිත කෙරෙන අතර ඉදිරියේදී සහන පදනමක් මත වෙනත් චිත්‍රපට දර්ශන සඳහාද ලබා දීමට නියමිතයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya