අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලාංකේය ජායාරූප ශිල්පීන්ගේ ආචාරධර්ම සංග්‍රහය ජනගත කිරීම හෙට

    ජූලි 01, 2016

    මෙරට  ජායාරූප    කලාවේදීනට  විශාල   අඩුපාඩුවක්ව  තිබූ    ආචාරධර්ම  සංග්‍රහයක්  සම්පාදනය  කොට  ජනගත   කිරීම හෙට ( 02)  මහජන  පුස්තකාල  ශ්‍රවණාගාරයේ දී  පාර්ලිමේන්තු  ප්‍රතිසංස්කරණ  හා ජනමාධ්‍ය  අමාත්‍ය  ගයන්ත කරුණාතිලක  මහතාගේ  ප්‍රධානත්වයෙන්  පැවැත්වේ.

    ප්‍රවෘත්ති, තෘතියික  හා වෘත්තීය අධ්‍යාපන , පාසල්  අධ්‍යාපන සහ  සංස්කෘතික  යන    අංශවල  ප්‍රධානීන් මූලික කොට ගනිමින්  මෙම   ආචාරධර්ම  සංග්‍රහය දොරට  වැඩුම සිදුකෙරේ.

     

    ලංකාව පුරා  විසිරී  සිටින  ජායාරූප  සංගම්වලට  සහ   ලක්දිව  ප්‍රවීණ  ජායාරූප  කලාවේදිනට  ආචාරධර්ම  සංග්‍රහය  පිළිගැන්වීම  උත්සවයේ  විශේෂ අංගයකි.

     

    පල්ලියගුරු, මහාචාර්ය  මාපා තිලකරත්න  සහ  ආචාර්ය  ඩී.එම්. කරුණාරත්න  යන  විද්වතුන්ගෙන් සමන්විත  කමිටුවක  අධීක්ෂණය  යටතේ  ශ්‍රී ලංකා  ජාතික  ජායාරූප කලා  සංගමය  මගින් සම්පාදනය  කොට  ඉදිරිපත්  කරනු  ලබන්නකි.

     

    ආචාරධර්ම  පද්ධතිය   ජනගත  කිරීමේ  උළෙල  හා  සමගාමිව  පාසල්  ජායාරූප ශිල්ප  පරීක්ෂණයේ   සහතිකපත්  ප්‍රදානයද,  ශ්‍රී  ලංකා  ජාතික  ජායාරූප  කලා  සංගමයේ  ව්‍යාපෘති  ජායාරූප  ප්‍රදර්ශනයක් ද,  කැමරා  හා ජායාරූප උපාංග සල්පිලක් ද සංවිධානය  කොට  ඇත.

     

    මෙම  උත්සවය  සඳහා  පූර්ණ  අනුග්‍රාහකත්වය  සපයනු  ලබන්නේ  සුප්‍රකට  කැමරා  උපකරණ ආනයන  සමාගමක්  වන   කැමරා  එල්කේ  ආයතනයයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya