අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහොයෙන් අවසන්

    මැයි 02, 2016
    ශ්‍රී පාද වන්දනා වාරය සමාප්තිය සනිටුහන් කරමින් සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව රැගත් මහා රිය පෙරහැර ශ්‍රී පාදස්ථානයේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය වෙත වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් පසුව වැඩම කරවීමට නියමිතය.
    එබැවින් පෙරහැර සංවිධානය හා පූජා පැවැත්වීමේ කටයුතු සංවිධානය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ශ්‍රී පාදස්ථානාධිපති අති පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මැයි 03 වන දින ප.ව. 2.00 ට රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පැවැත්වෙන බව රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.
     
    AP/DMU-Ratnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya