අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් අමාත්‍යාංශයේ බක්මහ උළෙල

    අප්‍රේල් 29, 2016
    කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලද බක්මහ උළෙල කොළඹ 5 හෙන්රි පේදිරිස් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණි.
    කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී තිගාම්බරම් මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ සුබ සාධක සංගමය මෙම අවුරුදු උළෙල සංවිධානය කළ අතර කොට්ට පොර ගැසීම, අලියට ඇහ තැබීම, කණා මුට්ටිය බිදීම ඇතුළු ජන ක්‍රීඩා රැසකින් මෙම අවුරුදු උළෙල සමන්විත විය.
     
    අවුරුදු කුමරිය ලෙස අයේෂා මෙනවිය තේරීපත් වූ අතර අවුරුදු කුමරා ලෙස ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් අරුණ රත්නායක තේරී පත්විය.
     
    කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයට අනුබද්ධිත සියළුම ආයතනවල සේවකයින් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ද මෙම අවුරුදු උළෙලට සහභාගි වුහ.
     
    අවුරුදු උළලේ ත්‍යාග ප්‍රධානෝත්වය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ් මහතා, අමාත්‍යාංශ ලේකම් රංජනී නඩරාසා පිල්ලෙයි ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් එරන්දන ප්‍රේමවර්ධන එක්වුණා.
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya