අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයාගේ මැයි දින පණිවිඩය - 2016

    මැයි 01, 2016
    ලොව පුරා විසිරී සිටින වැඩ කරන ජනතාව අද මහත් අභිමානයෙන් යුතුව ලෝක කම්කරු දිනය සමරනු ලබනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාවට ඉතිහාසයේ ප්‍රථම වරට ජාතික ආණ්ඩුවක් යටතේ සමරන මෙම මැයි දිනය ඉතා වැදගත්. රටේ ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබා දෙන වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් හා අභිලාශයන් වෙනුවෙන් අපගේ යහපාලන ජාතික ආණ්ඩුව විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.
    ශ්‍රී ලාංකික සැමට ජාතික, ආගමික, ආර්ථික හා සමාජීය සංහිදියාව ඇති කරමින් සඟ, වෙද, ගුරු,ගොවි, කම්කරු යන පංච මහා බලවේග වල එකමුතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මෙවර මැයි දිනය සැමරීමට ලැබීම සතුටක්. කිසිදු ජාති භේදයකින් තොරව සිංහල,දෙමළ, මුස්ලිම්,බර්ගර් යන සියඵ ජන කොටස් වල වැඩකරන ජනතාව වෙනුවෙන් අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඉදිරිපත් වීමට පක්ෂයක් ලෙස අප සූදානම් බව සතුටින් ප්‍රකාශ කරනවා.
     
    ලෝකයේ පැවැත්ම තහවුරු කරන දිරිය මිනිසුන්ගේ මැයි දිනයට මාගේ සුභ පැතුම්.
     
    අහිල ඉලංගෙයි මක්කල් කොංග්‍රසයේ නායක,
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය
    රිෂාඩ් බදියුදීන්
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya