මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම රාජ්‍ය නායකයෙක්ම සමරා ජාතික උත්සවයක්

    පෙබරවාරි 09, 2016
    ලංකාවේ මෙතෙක් බිහි වූ සියළුම රාජ්‍ය නායකයන් සමරා ජාතික උත්සව පැවැත්වීමට වත්මන් රජය විශේෂ කැබිනට් තීරණයක් ගෙන ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. රටට සේවය කොට මියගිය සියළුම ජනාධිපතිවරුන්ගේ සහ අග්‍රාමාත්‍යවරුන්ගේ ජන්ම දින මුල් කර ගනිමින් මෙම උත්සව පවත්වන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය. 
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ  හිටපු ජනාධිපති ඩි.බී.විජේතුංග මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදීය. 
     
    නිදහසින් පසු ලංකාවේ බිහි වූ සෑම රාජ්‍ය නායකයෙක්ම මෙරට සංවර්ධනය සදහා ඉමහත් සේවයක් කර ඇතත් වත්මන් පරපුරේ වැඩි පිරිසකට ඒ ගැන අවබෝධයක් නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. එබැවින් මෙතෙක් ලංකාවේ බිහි වූ සෑම රාජ්‍ය නායකයෙකුගේම ජන්ම දිනයේ විශේෂ සංදිස්ථාන මුල් කර ගනිමින් ජාතික උත්සව පැවැත්වීම වැදගත් බව රජය තීරණය කර ඇති බවද පැවසීය.
     
    ඒ අනුව මෙම ජාතික උත්සව මාලාවේ ප්‍රථම වැඩ සටහන පෙ.14 වැනි දින ප.ව. 2.00 ට හිටපු ජනාධිපති ඩී.බී විජේතුංග මහතාගේ සියවැනි ජන්ම දිනය මුල් කරගෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර අර්ල්ස් රීජන්ට් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 
     
    AP/DMU-Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya