අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික්කයේ ළමා සමාජ දරු දැරියන්ගේ කුසලතා අගැයීමේ වැඩ සටහනක්

    පෙබරවාරි 06, 2016
    පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ළමා හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩ සටහනක්  පසුගියදා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය ශාලාවේදී පරිවාස කොමසාරිස් යමුනා පෙරේරා මහත්මියගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
     ළමා සමාජ දරු දැරියන්ගේ  ආරක්ෂාව හා සංවර්ධනය සදහා වැදගත්වන ළමයින් දැනුවත් කිරීමේ සහ කුසලතා ඇගයීමේ වැඩ සටහනක් මේ යටතේ පැවැත්වුනු අතර හා දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්  මහතා ඇතුළු ප්‍රාදේශිය ලේකම්වරුන්ද මේ සදහා සහභාගී විය.
     
    ළමා සමාජ දරුදැරියන් 350 ක් පමණ ඉලක්ක කර ගනිමින් මෙම වැඩ සටහන පැවැත්විණි.
     
    පරිවාස දෙපාර්තමේන්තුවේ ළමා සමාජ දරු දැරියන්ගේ කුසලතා ඇගයීම යටතේ පැවති ගද්‍ය ,පද්‍ය. රචනා ,විවාද ,කෙටිකථා නාට්‍ය ආදියෙන් ජයග්‍රහණය කර පළමු හා දෙවනි හා තෙවන ස්ථාන ලැබු දරු දැරියන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි.
     
    AP/DMU-Gampha
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya