අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය

    නොවැම්බර් 28, 2015
    පුත්තලම දිස්ත්‍රික් සාහිත්‍ය උත්සව පසුගියදා දිස්ත්‍රික් ලේකම් එස්.එච්.එම්.චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
    මෙහිදී ගද්‍ය ,පද්‍ය හා රචනා තරගවලින් ජයග්‍රහණය කරන ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ත්‍යාග ප්‍රදානය  කිරීමද සිදු කෙරිණි.  ප්‍රාථමික අංශයේ පද්‍ය රචනා තරගයෙන් වෙන්නප්පුව සා.ජෝශප් වාස් විදුහ‍ලේ එච්.එම්.ඩබ්.අකිල ඉදුවර බණ්ඩාර සිසුවා ප්‍රථම ස්ථානය සදහා සහතිකය ද , අත් අකුරු සදහා පු/ ඩී.එස් සේනානයක විදුහලේ ඕ.ඒ.නවාංජනා සෙව්මිනි ශිෂ්‍යාව ප්‍රථම ස්ථානය සදහා සහතිකයද ලබා ගත්තේය.
     
    කණිෂ්ඨ අංශයේ ගද්‍ය රචනා තරගයෙන් ප්‍රථම ස්ථානය  ශ්‍රී ධර්මාරාම මහ විදුහලේ ඒ. එම් ජයනි ප්‍රියභාෂිණි අමරකෝන් ශිෂ්‍යාවටද, පද්‍ය රචනා තරගයේ ප්‍රථම ස්ථානය බංගදෙනිය ක. විදුහලේ ගීලනගේ සදුනි සුලක්ෂණා ශිෂ්‍යාවටද හිමිවිය.පද්‍ය ගායනා ප්‍රථම ස්ථානය ශාන්ත ඇන්ඩෘ ප්‍රාථමික විදුහලේ වී සුධාරත ධනංජය ලංසකාර ශිෂ්‍යයාට හිමි විය. 
     
    පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙම උත්සවය සංවිධානය කර ඇත. 
     
    AP/DMU-Puttlam
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya