අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී සදහම් විවේක සේනාසනයේ කොත් වහන්සේ නිරාවරණය කෙරේ

    නොවැම්බර් 26, 2015

    කරන්දෙණිය කොටවෙල ශ්‍රී සදහම් විවේක සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ සත් බුදුරජ ශ්‍රී සදහම් සෑයෙහි කොත් වහන්සේ නිරාවරණය කිරීමේ මහා පූජෝත්සවය පසුහියදා එම විහාරස්ථාන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

    ගම්වාසී ජනතාවගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවුණු එම සත් බුදුරජ ශ්‍රී සදහම් සෑයෙහි කොත නිරාවරණය කිරීමේ පිංකම සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාය.

     

    එම පූජෝත්සවය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත ජයවීර, පළාත් මන්ත්‍රී අශෝක ධනවංශ, ජාතික රූපවහිනියේ නීති උපදේශක නුවන් සොමිරත්න ඇතුළු පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya