මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙහෙරගල සිළුමිණ සෑයේ කොත් වහන්සේ තැන්පත් කෙරේ

    නොවැම්බර් 23, 2015

    හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ අඩි අසූවක් පමණ උසැති සිළුමිණ මහ සෑ රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ ඊයේ (22) දිනයේ තැන්පත් කළහ.

    ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය සහ හිටපු අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාගේ සහභාගීත්වයෙන් මෙය සිදු කෙරිණි.

     

    ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය ආචාර්ය නාගොඩ සද්ධාලෝක හිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් දේශනා කරනු ලැබූහ.

     

    මෙම කොත් වහන්සේ පසුගියදා කතානායක නිල නිවසට වැඩම කරනු ලැබූ අතර එහිදී කතානායකතුමන්ගේ වන්දනාවට ද පාත්‍ර විය.

     

    මෙහිදී අදහස් දැක්වූ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා කියා සිටියේ, තමා ද මේ වන විට චෛත්‍ය 129ක් පමණ ඉදිකිරීමට අනුග්‍රහය දක්වා ඇති බවයි. එසේම, පසුගිය වකවානුවේ දී විවිධ දේශපාලනික හේතූන් මත එල්ල වූ බාධා හේතුවෙන් සංවර්ධන කටයුතු සිදු කිරීමට නොහැකි වූ දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ ද ලොව විශාලතම චෛත්‍ය ලෙස ප්‍රතිසංස්කරණය කරන බව ද එතුමා සඳහන් කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya