මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "දිවයුරුපුත්‍ර ඇගයුම් උපහාර උළෙල සහ රාවණ සුරිඳු පූජා මහෝත්සවය" හෙට

    ඔක්තෝබර් 10, 2015
    ලක්දිව යටගිය සැබෑ ඉතිහාසය පිළිබඳ සෙවීමට හා නැවුම් චින්තනයන් ලක් පොළවමත රෝපණය කිරීමට තම ධනය, කාලය හා ශ්‍රමය කැප කරමින් අපමණ සේවයක් ඉෂ්ඨ කරන ලද ගෞරවණීය මිනිසුන් උදෙසා ඇගයුම් උපහාර පිදීම හා ලක්දිව විසූ ශ්‍රේෂ්ඨ නරපති රාවණ මහරජුන් විෂයයෙහි පූජා පුදසත්කාර පිදීමේ ජාතික මහෝත්සවය හෙට (11) දා පස්වරු 2.00 සිට 5.00 දක්වා කැලණිය බරණැස්කන්ද පුරාණ මහා විහාරයේ දී පැවැත්වේ.
     
    කතානායක කරු ජයසූරිය සහ මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය පූජ්‍ය නෙළුම්දෙනියේ සිරිවිමල ස්වාමීන්වහන්සේගේ උපදේශකත්වයෙන් පැවැත්වේ.
     
    එදිනට හෙළදිව සංස්කෘතික කවයේ සභාපති, අනුහස් ජ්‍යෝතිෂ කේන්ද්‍රයේ නිර්මාතෘ, ශ්‍රී ලංකා පාරම්පරික දේශීය සටන් කළා සංගමයේ අනුශාසක ආචාර්ය දහම් රත්වත්තේ මහතා ද දිවයුරු පුත්‍ර ඇගයුම් උපහාර ලැබීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya