මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ අළුවිහාරේ සංඝායනා පෙරහැර මේ මස 10 හා 11යන දිනයන්හි

    ඔක්තෝබර් 09, 2015
     
    මාතලේ අළුවිහාරේ වාර්ෂික සංඝායනා පෙරහැර මේ මස 10 සහ 11 දෙදින  මාතලේ නගරයේ විථි සංචාරය කෙරේ. 
    අලි ඇතුන් 20 ක් හා උඩරට, පහත රට සබරගමු සම්ප්‍රදායන්ට අයත් නර්ථන කණ්ඩායම් 100 ක පමණ සහභාගීවයෙන් අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට නියමිතය.මෙවර පෙරහැර සදහා දිස්ත්‍රික්කයේ සංස්කෘතික මධ්‍යස්ථාන සහ කලායතනවල නර්ථන කණ්ඩායම්වලට අමතරව පහත රට සහ සබරගමු නර්ථන සම්ප්‍රදායන්ට අයත් නර්ථන සදහා අදාල ප්‍රදේශවල නර්ථන කණ්ඩායම් සහභාගී වේ.
     
    මෙහි පළමු දිනයෙහි ප. ව 7. 15 ට  අළුවිහාරේ පුදබිමේදී සධාතුක කරඩුව තැම්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර ආරම්භවේ. අළුවිහාරේ පුද බිමෙන් ආරම්භවන පෙරහැර මන්දණ්ඩාවෙල හරහා නුගගහළග බස්නැවතුමෙන් කෙළින් වීදියට වැටී  තැපැල් කන්තෝරුව අසලින් නැවත ඒ 9 මාවත වැටී  අඹගහමුල බස් නැවතුමෙන් වමට හැරී ධර්මරාජ පිරිවෙනට 
    ගෙවැදීමට නියමිතය.
     
    දෙවන දිනයෙහි ප. ව 7. 15 ධර්මරාජ  විහාරස්ථානයෙන් ආරම්භ වන  පෙරහැර අඹගහමුල බස් නැවතුමෙන් ඒ 9 මාර්ගයට 
    වැටී  මන්දණ්ඩාවෙල හරහා අඵවිහාරස්ථානයට ගෙවැදීමෙන් පෙරහැර නිමාවට පත්වේ. කෘෂි කර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත 
    අලුවිහාරේ මැතිතුමාගේ පූර්ණ සහයෝගය ඇතිව විහාරස්ථ දායක සභාව මාතලේ දිසා ලේකම් කාර්යාලය, නගර සභාව,  
    ප්‍රාදේශීය සභාව ඇතුලු දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ඒකාබද්ධව මෙවර පෙරහැර සංවිධානය කෙරේ. පෙරහැර  පැවැත්වෙන දින දෙක තුළ නරඹන්නන්ගේ පහසුව සදහා ගමනා ගමන මණ්ඩලය සහ මධ්‍ය පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් විශේෂ බස් රථ වාර ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya