මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිහගොඩ ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය හෙට (08)

    ඔක්තෝබර් 07, 2015
     
    මාතර - තිහගොඩ ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය හෙට (08) පෙරවරුවේ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය 
    ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.
    මෙහිදී සාහිත්‍ය නිර්මාණ තරගාවලියේ දී  පාසල් හා විවෘත තරග වලින්  ජයග්‍රහණය කළ අයට ත්‍යාග හා සහතිකපත් 
    පිරිනැමීමට නියමිතය.
     
    “ජන සමාජයේ විචිත්‍රත්වයට පණ දුන් ජන කවියා“ යන මැයෙන් විශේෂ දේශනයක් මුලටියන ප්‍රාදේශීය ලේකම් සුසන්ත 
    අත්තනායක මහතා විසින් මෙහි දී පවත්වනු ලබයි. කලා කරුවන්ගේ සේවය අගයනු වස් තිහගොඩ ප්‍රාදේශීය ලේකම් 
    කොටඨාසයෙන් තෝරාගත් කලා කරුවන් දෙදෙනෙකුට තිසරවි කලා සම්මානය පිරිනැමීම ද මෙහි දී  සිදු කෙරේ.
     
    එමෙන්ම තිහගොඩ සංස්කෘතික මධ්‍යස්ථානය මෙහෙයවන සරස්වතී අභිනන්දනය හා වෙස් නර්තනය, තිහගොඩ ෂෙහාන් 
    කලායතනය ඉදිරිපත් කරන භරත නර්තනය වේදිකාගත කිරීම ද මෙහි දී සිදු කිරීමට නියමිත ය.
     
     
    AP/DMU-Matara
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya