අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම පාසලකටම පුස්තකාලයක් ලබාදීමට පියවර

    ඔක්තෝබර් 07, 2015

    ළඟම පාසල හොඳම පාසල බවට පත්කිරීමේ සංකල්පය යටතේ සෑම පාසලකට ම පුස්තකාලයක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ජාතික කියවීමේ මාසය සැමරීම නිමිත්තෙන් පසුගිය දා ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති පුස්තකාල සංවර්ධන ආධාර සහ ලේඛකත්ව ආධාර පිරිනැමීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් ක‍ළේය.

     

    අපේ රටේ ඇති වටිනා පොත්පත් කියවීමේ වටිනාකම අනාගත පරපුරට පුරුදු පුහුණු කිරීම, කියවීමේ පුරුදු වැඩිදියුණු කිරීම, පොත්පත් සංරක්ෂණ කටයුතු සඳහා ලෝකයේ භාවිත කරන නවීන තාක්ෂණික ක‍්‍රමවේද ලංකාවේ භාවිත කිරීම, එහි වාසි කියා දීම, නිවැරදි ක‍්‍රමවේද හඳුන්වා දිම යානාදී සිදු කළ යුතුව පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    අලූතින් හිතන අය අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ කරගනිමින්, සෑම ආයතන ප‍්‍රධානියෙක් ම තමන්ගේ හැඟීමෙන් යුතුව තම ආයතන සංවර්ධනය කිරීමේ වගකීම භාරගන්නා ලෙස පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලය ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති සියලූ ආයතන ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බවත්, පුස්තකාල රුචිය වැඩිදියුණු කිරීම ගැන ප‍්‍රවීණත්වය තුළින් වැඩි වැඩියෙන් පර්යේෂණ කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම්, විදේශ පුහුණු අවස්ථා ආදිය ලබාදෙමින් අවශ්‍ය කැබිනට් තීරණ වෙනුවෙන් තමා සෑමවිටම පෙනී සිටින බවත් තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසී ය.

     

    දැනට පවතින පුස්තකාලවල පවතින අඩුපාඩු හඳුනාගනිමින් ඉදිරි අයවැයෙන් අධ්‍යාපනයට අයවැයෙන් වැඩියෙන් වෙන් කෙරෙන මුදල් සමඟ පුස්තකාල සංවර්ධනය සඳහා වැඩි මුදලක් වෙන්කිරීමට අපේක්ෂා කරන අමාත්‍යවරයා සඳහන් කළේ ය.

     

    මෙම උත්සවයේ දී දිවයිනේ දිස්ත‍්‍රික් මට්ටමින් තෝරාගත් විවිධ පුස්තකාල 50ක් සඳහා එක් පුස්තකාලයකට රු 10000/-ක් වටිනා පොත් කට්ටලය බැගින් රුපියල් දසලක්ෂයක් වටිනා පොත් සහ උපකරණ පරිත්‍යාග කෙරුණු අතර, අඩු පහසුකම් සහිත ග‍්‍රාමීය පුස්තකාල 09ක් සඳහා පුස්තකාල උපකරණ බෙදාදීම ද, පුස්තකාල සේවා මණ්ඩලයේ අනුග‍්‍රහයෙන් මුද්‍රණය කරන කෘති සඳහා ලේඛකත්ව ආධාර ලබාදීම ද සිදුකෙරිණි.

    kp-m

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya