අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියවඩන නිලමේ නිලවරණය සැප්. 08

    අගෝස්තු 28, 2015

    මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ නව දියවඩන නිලමේ තේරීමේ නිලවරණය සැප්තැම්බර් 08වෙනිදා පැවැත්වීමට නියම කර ඇත.

    දියවඩන නිලමේ ධුරය සඳහා වන නිලවරණය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පවත්වනු ලබන අතර මහනුවර අනගාරික ධර්මපාල මාවතේ පිහිටි මහනුවර බෞද්ධ මධ්‍යස්ථාන ශාලාවේ දී එය පැවැත්වේ.

     

    පූජනීය දන්ත ධාතූන් වහන්සේගේ ගිහි භාරකරුවා හා දළදා මාලිගාවේ ප්‍රධාන පරිපාලක වන මෙම ගෞරවනීය තනතුර සඳහා අපේක්ෂකයන් සිව් දෙනෙකු තරග වදිති.

     

    වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා (ඔහුගේ නිල කාලය මේ වසරේ ජුනි මාසයේ දී අවසන් වූ අතර එතැන් සිට ඔහු වැඩ බලන දියවඩන නිලමේ ලෙස කටයුතු කළේය), හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න, ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ නුවර නීතිඥ ගයාන් හීන්කෙන්ද හා හිටපු බස්නායක නිලමේ සුදන්ත සේනානායක එම අපේක්ෂකයන් වෙති.

     

    වසර 10කට වරක් නව දිවඩන නිලමේවරයෙකු පත් කිරීම වෙනුවෙන් මෙවැනි නිලවරණයක් පැවත්වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya