අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද

    අගෝස්තු 29, 2015

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (29) රාත්‍රී වීදි සංචාරය කරනු ඇත.


    අද රාත්‍රී 07.59ට උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය) යටිනුවර වීදිය, කන්දේ වීදිය (හිල් වීදිය) ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රීකුණාමල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීමට නියමිතය.

    රන්දෝලි පෙරහර අවසන් වූ පසු හෙට (30) දින අළුයම 01.02ට උතුරු දිශාභිමුඛව ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර, සිව් දේවාලයන් හි පෙරහරත් සමඟ පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය) ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රීකුණාමල විදිය) ඔස්සේ ගෙඩිගේ විහාරයට (ආදාහන මළුවට) ගොස් සිරිත් ප්‍රකාර දළදා කරඬුව එහි තැන්පත් කොට සිව් දේවාලයන් හි පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේවපූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ “ගැටඹේ” තොටට ගොස් දිය කැපීමේ මංගලෝත්සවය සිදුකොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජාව ඉටු කිරීම සිදු කරනු ඇත. ඉන් පසු මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අවසන් වීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya