අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාසික සංස්කෘතික සායන ව්‍යාපෘතියක්

    ජූලි 30, 2015
    සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය මගින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන මාසික සංස්කෘතික සායන ව්‍යාපෘතිය යටතේ  පැවැත්වෙන ප්‍රථම සංස්කෘතික සායන වැඩසටහන අගෝස්තු 02දා පෙ.ව. 9.00 සිට මහනුවර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ( ගුරුදෙනිය සම්පත් මධ්‍යස්ථානය) දී පැවැත්වේ.
     
    ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ ප්‍රගමනය හා දේශීය ප්‍රේක්ෂකයා උසස් රසවින්දනයකින් යුතු ප්‍රඥාවන්ත පුද්ගලයකු බවට පත්කිරීමේ නවමු නාට්‍ය කතිකාවතක් ඇති කිරීමේ අභිප්‍රායෙන් ප්‍රාදේශීය වශයෙන් දීප ව්‍යාප්තව මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
     
    මෙම වැඩසටහනේ ප්‍රථම වැඩසටහන මහනුවරින් ආරම්භකරනු ලබන අතර  මෙම වැඩසටහනේ සම්පත් දායකයන් ලෙස ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ජයසුමන දිසානායක, රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති කේ.බී.හේරත්, ප්‍රවීණ නාට්‍යවේදීන් වන සෞම්‍ය ලියනගේ, කපිලකුමාර කාලිංග, පියල් කාරියවසම්, අමිතා රබ්බිඩිගල, චාන්දනී සෙනෙවිරත්න, ඊ.එම්.ඩී. උපාලි ආදීහු සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya