අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ස්වයංපෝෂිතතාවයෙන් ඔබ්බට සහල්" යන්න තේමා කර තාක්ෂණික ප්‍රදර්ශනයක් බතලගොඩදී

    ජූලි 20, 2015
    "ස්වයංපෝෂිතතාවයෙන් ඔබ්බට සහල්" යන්න තේමා කර ගනිමින් ලබන 22 සිට 24 දක්වා බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේදී වී වගා තාක්ෂණයන් පිළිබඳ දැනුම ලබාදීමේ ප්‍රදර්ශනයක් පැවැත්වෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
     
    මෑතකදී නිර්දේශ කර ඇති වී ප්‍රෙභ්ද, යාය 2 සම්බන්ධ තාක්ෂණය,විවිධ ක්ෂේත්‍ර සංස්ථාපන ක්‍රම භාවිත කරමින් වල් මර්දනය ආදර්ශන හා විවිධ බිම් සැකසීමේ ක්‍රම වල් මර්දනය කෙරෙහි බලපෑමේ ආදර්ශන, පාරම්පරික වී ප්‍රභේද, පාරම්පරික වැඩිදියුණු වී ප්‍රභේදවල ගුණාත්මක බව, ශාක පරීක්ෂා කර පොහොර යෙදීම හා ඒකාබද්ධ පැලෑටි පෝෂණය, ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රම ආදර්ශනය, විවිධ වල්නාශක වර්ග වල් මර්දනය කෙරෙහි බලපෑම, වී වගාවේ තාක්ෂණික කුටි, වී වගාවේ බෝග සායනය, ඒකාන්තර තෙත් හා වියළි ක්‍රම මඟින් ජල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා සහල් ආශ්‍රිත ආහාර නිෂ්පාදන තාක්ෂණය යන කරුණු මූලික කරගත් තාක්ෂණයන් ලබා ගැනීමේ හැකියාව මේ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පිරිසට ලබා ගත හැකි වේ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya