අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගායන ශිල්පී විල්බට්‌ ඇන්තනි අභාවප්‍රාප්ත වෙයි

    ජූලි 16, 2015
    ප්‍රවීණ ගායන ශිල්පී විල්බට්‌ ඇන්තනි මහතා ඊයේ (15)  අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (18) මීගමුව, කඩොල් කැලේ තලාදූව රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
     
    මිය යන විට වයස අවුරුදු 72ක් වූ ඒ මහතා දශක 06කට ආසන්න කාලයක්‌ පුරා මෙරට ප්‍රේක්ෂක ජනතාවගේ සිත් ගීතයෙන් ඇදබැඳ තබා ගත්තේය. 
     
    'කවියන්ගෙ රස හැඟුම, කුංකුම චන්දන, බඹරු මත්වෙලා, සුදු සේල අගින්, ගම හැරදා සිදාදියට සහ නොමඟ නොයන් පුතේ' ඇතුළු අතිශය ජනාදරයට පත් ගීත රැසක්‌ ගැයූ ඔහු චිත්‍රපට කිහිපයකදී රංගන ශිල්පියකු ලෙසද දක්‌ෂතා දැක්‌වීය. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya