අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දමිළ නාට්‍ය හා සිංහල නාඩගම් පිළිබඳ දේශනයක්

    ජූලි 02, 2015
    දිවයිනේ උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව හා දකුණේ ජනතාව අතර සුසංවාදයක් ගොඩනැගීමේ අරමුණෙන් ශ්‍රී ලංකා කලා මණ්ඩලය වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර ඉන් පළමුවැනි වැඩසටහන ලෙස "දමිළ නාට්‍ය කලාවේ විකාශනය හා සිංහල නාඩගම් නාට්‍ය සඳහා වූ බලපෑම" මැයෙන් සංනිදර්ශනාත්මක ප්‍රසාංගික දේශන දෙකක් 07දා පෙරවරු 9.00 ට කොළඹ 07, ඇල්බට් ක්‍රෙසන්ට් හි පිහිටි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
     
    මෙහිදී "දමිළ නාට්‍ය කලාවේ ඓතිහාසික විකාශනය හා කුත්තු නාට්‍ය සම්ප්‍රදාය" මැයෙන් ප්‍රවීණ නාට්‍යවේදී මහාචාර්ය මෞනගුරු මහතා විසින් ද "සිංහල නාඩගම් ඉතිහාසය, කුත්තු ආදී ජන නාට්‍යයන් අභාෂයලත් සිංහල නාඩගම සහ ඉන් ඔබ්බට "මැයෙන් ප්‍රවීණ නාට්‍යවේදී නිශ්ශංක දිද්දෙනිය මහතා විසින් ද දේශන පවත්වති.
     
    මෙහි රංගක්‍රම පිළිබඳව විද්‍යුත් මාධ්‍යමය ඉදිරිපත් කිරීම් හා නාට්‍ය කොටස් රංගනයෙන් හා ගායනයෙන් නිදර්ශන ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    සෞන්දර්ය විශ්වවිද්‍යාලයට වසර දහයක් පිරීම නිමිත්තෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය මගින් මෙම දේශන මාලාව සංවිධානය කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya