අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තු 125වන සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක්

    ජූනි 29, 2015
    ජුලි 07දාට යෙදෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තු 125වන සංවත්සරය නිමිත්තෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසීය.
     
    ඒ අනුව ජුලි 06දා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරෙන බව පෙන්වාදෙන අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුදින එනම් 07දා භික්ෂූන් වහන්සේලා 125නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පැවැත්වෙන බවද පැවසීය.
     
    අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. 
     
    ජුලි 08දා නීලගිරි සෑයෙන් අනාවරණය කරගත් සර්වඥ ධාතූන් හා දෙපාර්තමේන්තු කැණීම්වලදී අනාවරණය කරගත් අනෙකුත් පුරාවස්තු ප්‍රදර්ශනය කිරීම මෙන් ම අභිනව ධාතු මන්දිරිය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. සර්වඥ ධාතු ප්‍රදර්ශනය 12දා දක්වා මහජනයා සඳහා විවෘත ව පවතී. මෙහිදි දුටුගැමුණු රජතුමාගේ භස්මාවශේෂ ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා ඇත.
     
    මෙදින ම සංවත්සර දිනය නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් සමගින් ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන පිළිඹිඹු කෙරෙන මුද්දර 04ක් ද නිකුත් කිරීමට නියමිතව ඇති අතරම 125වන සංවත්සර සමරු කලාපය සමගින් ග්‍රන්ථ එළිදැක්වීම ද සිදු කෙරේ. 
     
    ජුලි 13දා මෙරට ජ්‍යේෂ්ඨ හා ප්‍රවීණ පුරාවිද්‍යාඥයන්ගේ දේශන ඉදිරිපත් කෙරෙන ජාතික පුරාවිද්‍යා සමුළුව පැවැත්වීමෙන් මෙම සංවත්සර වැඩසටහන අවසන් වන බව සෙනරත් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya