අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංඝරාජ මහ පෙරහර ජුලි 01දා

    ජූනි 27, 2015
    වැලිවිට අසරණසරණ සරණංකර සංඝරාජ මාහිමාපාණන් වහන්සේගේ ශාසනික, අධ්‍යාපන හා සංස්කෘතික මෙහෙවර අගයා වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශ්‍රී සංඝරාජ මහා පෙරහර මෙවර ද 69වැනි වරටත් ජුලි 01දාට යෙදෙන අධි ඇසල පොහෝ දිනයේ දී විථී සංචාරය කිරීමට නියමිතය.
     
    ඒ අනුව 01දා පස්වරු 2.00ට මල්වතු විහාරයෙන් පිටත්වන සංඝරාජ පෙරහර සංඝරාජ මාවත, දළඳා වීථිය, යටිනුවර වීථිය, හරස් වීථිය, ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ දළඳා වීථිය, සංඝරාජ මාවත, ශ්‍රී සරණංකර පාර, වැලිවිට පටුමග ඔස්සේ තුම්පනේ විහාරස්ථානයට ගෙවදීමට නියමිතය.
     
    ජුලි 02දා තුම්පනේ විහාරස්ථානයේ ශ්‍රී සංඝරාජ ශාලාවේ දී සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වේ. 
     
    මල්වතු මහා විහාරාධිවාසී ජ්‍යේෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ අනුශසනා පරිදි මෙම පෙරහර පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya