මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාර්ක් චිත්‍රපට උළෙල - අද චිත්‍රපට හතරක්

    මැයි 30, 2015
    2015 - සාර්ක් චිත්‍රපට උළෙලේ පස්වන දිනය වන අද (30) විශේෂාංග චිත්‍රපට දෙකක් සමග තවත් කෙටි චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව අද පස්වරු 3.00ට Vithya නම් ඉන්දීය කෙටි චිත්‍රපටය හා පස්වරු 3.30ට Pathibana ශ්‍රී ලාංකික විශේෂාංග චිත්‍රපටය  හා පස්වරු 6.00ට පකිස්ථානු කෙටි චිත්‍රපටක් වන The Pseudo Plougher හා පස්වරු 6.30ට මාලදිවයින් විශේෂාංග චිත්‍රපටයක් වන Hulhudaan ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
     
    ඊයේ (29)3.00 බංග්ලාදේශ කෙටි චිත්‍රපටයක් වනThe Container ද,  පස්වරු 3.30ට Shikhandi Kotha විශේෂාංග චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන අතර ම පස්වරු 6.00ට Have a Nice Day! ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපටය සහ පස්වරු 6.30ට Mina Walking නම් ඇෆ්ගනිස්ථානු විශේෂාංග චිත්‍රපටය ද ප්‍රදර්ශනය කෙරුණි.
     
    31දා දක්වා පැවැත්වෙන මෙම චිත්‍රපට උළෙල  පැවැත්වෙන කාලය තුළ සියලු චිත්‍රපට නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂක ජනතාවට හිමි  වේ. අවසන් දිනය වන 31දා චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සඳහා වැඩමුළුවක් පැවැත්වීමෙන් මෙම උළෙල නිමාවට පත් වේ.
     
    චිත්‍රපට උළෙල ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya