මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් සතිය 30දා සිට

    මැයි 28, 2015
    අනුබුදු මිහිදු මහ නාහිමිපාණන් අසිරිමත් බුදු දහම ද සමග මෙරටට වැඩම කිරිමෙන් අනතුරුව සමරනු ලබන 2322 වන පොසොන් උත්සවය මෙවර පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් පොසොන් සතියක් නම් කිරීමට රජය පියවර ගෙන ඇත.
     
    ඒ අනුව මෙවර පොසොන් සතිය මැයි 30දා සිට ජුනි 05දා දක්වා ක්‍රියාත්මක වන අතර "මිහිදු බණ පිළිපදිමු" යන්න මෙවර තේමාව වී ඇත. 
     
    30දා සවස ඉසුරුමුණි විහාරයෙන් පැන් පෙරහැර ආරම්භ  වන අතර පසුව මහමෙව්නා උයනේ පිහිටුවා ඇති  පිරිත් මණ්ඩපයේ දී පිරිත් පේ කිරිමෙන් අනතුරුව සති පිරිත් පිංකම ආරම්භ කිරිමට නියමිතය. ජුනි 05දා දක්වා සති පිරිත පැවැත්වේ. දොරකඩ අස්න කියවීම ජුනි 06දා සිදු කෙරේ.
     
    මෙම කාලය තුළ විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර පොසොන් දිනයේ සංගීත සංදර්ශන ආදි වැඩසටහන් නොපවත්වන ලෙසට ත් ආගමානුකූල පිළිවෙත් සඳහා ජනතාව යොමු කරන ලෙසත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත චක්‍ර ලේඛයක් නිකුත් කරමින් දැනුම් දී ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya