අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාර්ක් චිත්‍රපට උළෙලේ අද විශේෂාංග චිත්‍රපට දෙකක් සමඟ තවත් චිත්‍රපට දෙකක්

    මැයි 27, 2015
    ඊයේ (26) සුමිත්‍රා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී ආරම්භ වූ  සාර්ක් චිත්‍රපට උළෙලේ අද (27) විශේෂාංග චිත්‍රපට දෙකක් සමග තවත් කෙටි චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව අද (27)  පස්වරු 3.30ට භූතාන කෙටි චිත්‍රපටයක් වන The Incurable Gift හා පස්වරු 4.00ට මාලදිවයින් විශේෂාංග චිත්‍රපටයක් වන   Insaanaa ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.  
     
    පස්වරු 6.00ට ඉන්දියානු කෙටි චිත්‍රපටයක් වන Marble and POst Card ද, පස්වරු 6.30ට බංග්ලාදේශ විශේෂාංග චිත්‍රපටයක් වන Mrittika Maya චිත්‍රපටයන් ද ප්‍රදර්ශනය කෙරේ. 
     
    ආරම්භ දිනය වූ ඊයේ පස්වරු 6.30ට භූතාන කෙටි චිත්‍රපටයක් වන Tespame Mandala for Long Life හා පස්වරු 6.35ට ඉන්දීය විශේෂාංග චිත්‍රපටයක් වන Elizabeth Pilgrimage චිත්‍රපට 
    ආරාධිතයන් සඳහා පමණක් ප්‍රදර්ශනය කෙරුණි. 
     
    31දා දක්වා පැවැත්වෙන මෙම චිත්‍රපට උළෙලේ ආරම්භ දිනය ආරාධිතයන් සඳහා පමණක් වන අතර පසුව එළැඹෙන දිනයන් සියල්ල නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂක ජනතාවට හිමි  වේ. අවසන් දිනය වන 31දා චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සඳහා වැඩමුළුවක් පැවැත්වීමෙන් මෙම උළෙල නිමාවට පත් වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya