අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් පරිසර දිනයට කෙටි චිත්‍රපට තරඟයක්

    අප්‍රේල් 24, 2015

    A films2015 ජුනි 05 දිනට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් ''සොබා චලන සිතුවම්'' නමින් දීප ව්‍යාප්ත කෙටි චිත්‍රපට තරඟාවලියක් සංවිධානය කිරීමට පරිසර රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.


    කෙටි චිත්‍රපටය උපරිම විනාඩි 05කට සීමා විය යුතු අතර පරිසරය පිළිබඳව ඕනෑම තේමාවක් ඔස්සේ නිර්මාණයක් ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

     

    එක් අයදුම්කරුවෙකුට නිර්මාණ එකකට වැඩි සංඛ්‍යාවක් වුවද ඉදිරිපත් කළ හැකි අතර එක් නිර්මාණයක් ඩී.වී.ඩී. (DVD) පිටපත් තුනකින් ලබා දිය යුතුය.

     

    සියලු නිර්මාණ මැයි මස 15 දිනට පෙර ප්‍රවර්ධන හා පරිසර අධ්‍යාපන අංශය,පරිසර රාජ්‍ය අමාත්‍යාංශය,අංක 82, සම්පත්පාය,රජමල්වත්ත පාර, බත්තරමුල්ල යන ලිපිනයට යොමු කළ හැකිය. මේ පිළිබඳව වැඩි විස්තර ලබාගැනීම සඳහා දූරකතන 0112863652 අංකයට අමතන ලෙස පරිසර රාජ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya