මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩී.එෆ්. කාරියකරවන අභාවප්‍රාප්ත වේ

    අප්‍රේල් 22, 2015
    ජ්‍යෙෂ්ඨත ම මාධ්‍යවේදියකු වූ ඩී.එෆ්. කාරියකරවන මහතා ඊයේ (21) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 1920.02.08 දින මීගමුවේ දී උපත ලද කාරියකරවන මහතා මිය යන විට 95 වැනි වියේ පසු විය.
     
    ලංකාදීප පුවත්පතෙන් ලේක්හවුස් ආයතනයට පැමිණි කාරියකරවන මහතා දිනමිණ ජ්‍යෙෂ්ඨ උප කර්තෘවරයකු ලෙස විශිෂ්ට සේවාවක් සිදු කර පසුව සිළුමිණ, ජනතා, ක්‍රීඩා ආදී පුවත්පත් රැසක ප්‍රධාන කර්තෘ ධුරයට ද පත් විය. පුවත්පත් බස පිළිබඳ විශේෂ සැළකිල්ලක් දැක්වූ කාරියකරවන මහතා සිංහල, ඉංග්‍රීසි දෙබසින්ම මාධ්‍ය කටයුතුවල නිරත විය. 
     
    කාරියකරවන මහතා මාධ්‍ය සංගම් රැසක ම නිර්මාතෘවරයාය. ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර ලාවේදීන්ගේ සංගමය ඇරඹීමේදී ද කාරියකරවන මහතා පුරෝගාමී මෙහෙයක් ඉටු කළේය.
     
    කාරියකරවන මහතා පත්‍ර කලාවේදියකු පමණක් නොව ග්‍රන්ථ කර්තෘවරයකුද විය. 'දශක ශතක මතක' මතක පොතෙන් තවත් ටිකක්, මතක පොතේ ඉතිරි කාරිය, රට ගිය ඇත්තෝ, ඇවිද්ද පය' ආදී ග්‍රන්ථ රැසක් කාරියකරවන මහතා විසින් රචනා කොට ඇත.
     
    මාධ්‍ය ක්ෂේත්‍රයේ සම්මාන රැසක් ඒ මහතා හිමිකරගෙන ඇත.
     
    කාරියකරවන මහතාගේ අවසන් ඉල්ලීමට අනුව ඒ මහතා අභාවප්‍රාප්ත වූ ඊයේ (21) දිනයේ දී ම පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් පාංශකූලය පූජා කිරීමෙන් අනතුරුව පස්වරුවේ දී දේහය මා‍ලඹේ වෛද්‍ය විද්‍යාලයට භාරදීමට කටයුතු යොදා තිබිණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya