මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල, කඩවත්සතර ශ්‍රී සංඝානන්ද දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවය

    මාර්තු 26, 2015
    ගාල්ල, කඩවත්සතර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ශ්‍රී සංඝානන්ද දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවය ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා මාගාල්ල දේවාතුර ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වුණි.
     
    රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අඟුළුගහ ධම්මානන්ද නාහිමියෝ මේ උත්සවයේ මුලසුන හෙබවූහ.
     
    දීර්ඝ කාලයක් දහම් පාසලේ ප‍්‍රධානාචාර්ය ලෙස කටයුතු කළ ශාන්ත දේවප‍්‍රිය සිල්වා මහතා මෙහිදී සේවා උපහාර තිළිණ ලැබීය.
     
    2011 වසරේ දක්ෂතම ශිෂ්‍යයා සහ ශිෂ්‍යයාව ලෙස රුවන් වික්ටර් සහ පී. ඒ. උමේෂා පියුමාලි ත්‍යාග සහ සහතිකපත‍්‍ර දිනා ගත් අතර 2012 වසර වෙනුවෙන් එලෙස ත්‍යාග හිමිවූයේ ලසිත හිරන්‍ය කුලසූරිය සහ ඉමේෂා විරාජිනී ශිෂ්‍යයාට සහ ශිෂ්‍යාවටය. 
     
    2013 වසරේ දක්ෂතම ශිෂ්‍යයා සහ ශිෂ්‍යයාව ලෙස කවිඳු ඩිල්ෂාන් සහ සදිසා ප‍්‍රමෝධනී ත්‍යාග සහ සහතිකපත‍්‍ර දිනා ගත් අතර 2014 වසර වෙනුවෙන් එලෙස ත්‍යාග හිමිවූයේ පී.ඒ. කවිෂ්ක ඩිල්ෂාන් සහ එච්.පී.ඒ. ඉමේදි දිනේෂා ශිෂ්‍යයාට සහ ශිෂ්‍යාවටය.
     
    මෙම අවස්ථාවට ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ සහ ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා යන මහත්වරු සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya