අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 25දා

    මාර්තු 23, 2015
    2014 රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 25 දා පස්වරු 2.00 ට කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය  නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
     
    2014 රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය උළෙල දිස්ත්‍රික් හා ජාතික ලෙස තරග වට දෙකකින් සමන්විත වූ අතර  සිංහල මාධ්‍ය උඩරට, පහතරට, සබරගමු සාම්ප්‍රදායික නර්තනය, නව නිර්මාණාත්මක හා සාම්ප්‍රදායික ජන නැටුම් ආදී තරග ශිර්ෂ යටතේ නර්තන අංශයෙන් ද , දෙමළ මාධ්‍ය සාම්ප්‍රදායික භරත නැටුම් සහ නිර්මාණාත්මක නර්තන සහ ජන නැටුම් ආදී තරග ශිර්ෂ යටතේ හා ළමා අංශය, වැඩිහිටි දිගු හා වැඩිහිටි කෙටි යන අංශයන් යටතේ මුද්‍රා නාට්‍ය තරග ද  පැවැත්විණි. 
     
    සිංහල හා දමිළ මාධ්‍ය නර්තන තරග අවසන් වටය සඳහා සියලු ම තරග ශිර්ෂයන් යටතේ තරගකරුවන් දහසකට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර ඉන් ජයග්‍රාහකයන් 140ක් තොරාගෙන සම්මාන පිරිනැමීමට නියමිත අතර මුද්‍රා නාට්‍ය අංශයෙන් හොඳම මුද්‍රා නාට්‍ය ශිල්පියා, ශිල්පිනිය, හොඳම මුද්‍රා නාට්‍යය, හොඳම ඇදුම් නිර්මාණය, පසුතල නිරිමාණය, සංගීතය, ආදී අංශ සඳහා සම්මාන පිරිනැමීමට නියමිතය.
     
    මෙහිදි ශ්‍රී ලාංකේය නර්තන හා මුද්‍රා නාට්‍ය ක්ෂේත්‍රයට කරන ලද අනුපමේය සේවය ට උපහාර වශයෙන් හේරත් බණ්ඩා, නිමල් වෙල්ගම, එම්.ජේ. ලාෆිර් සහීඩ් මහතා හා ශාරදාදේවී ශ්‍රී කන්දරාජා යන මහත්ම මහත්මීහු “නර්තන තිලක“  සම්මානයෙන් පිදුම් ලැබීමට ද නියමිතය.
     
    සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය අනුමණ්ඩලය එක්ව 2014 රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya