අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "බොන්ෂුවා" සිනමා උළෙල 26දා සිට

    මාර්තු 23, 2015
    "බොන්ෂුවා" සිනමා උළෙල මාර්තු 26දා සිට 29දා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ.
     
    26දා පස්වරු 6.00 ට ස්විට්සර්ලන්ත සිනමාපටයක් වන Sam චිත්‍රපටයෙන් මෙම උළෙල ආරම්භ කෙරේ.
     
    ඒ අනුව 27දා පස්වරු 3.00 වියට්නාම චිත්‍රපටයක් වන  Don't Burn, පස්වරු  6.00ට  බෙල්ජියම් චිත්‍රපටයක් වන Paper Douls තිරගත කිරීමට නියමිතය.
     
    28දා පස්වරු 3.00ට ප්‍රංශ චිත්‍රපටයක් වන Gare du Nord, පස්වරු 6.00 කැනේඩියානු චිත්‍රපටයක් Gabrille ප්‍රදර්ශනය කෙරේ.
     
    29දා පස්වරු 3.00ට ප්‍රංශ චිත්‍රපටයක් Balle and Sebastian හා පස්වරු 6.00ට The Pirogue තිරගත කෙරේ.
     
    බොන්ෂුවා සිනමා උළෙල ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය, ප්‍රංශ, ස්විට්සර්ලන්ත හා වියට්නාම තානාපති කාර්යාල එක් ව සංවිධානය කෙරේ. 
     
    මෙහිදී ශ්‍රී ලාංකේය සිනමා නිර්මාණකරුවන්, සිනමා නිර්මාණය ද හඳුන්වාදීමට කටයුතු යොදා ඇත.
     
    මෙම සිනමා උළෙලේ සියලු සිනමා පටයන් නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමි වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya