අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා දමිළ සංස්කෘතික කණ්ඩායමේ මංගල දර්ශනය කිලිනොච්චියේදී

    මාර්තු 23, 2015
    කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් සංස්කෘතික සමඟිය සහ සහජීවනය ඉහළ නැංවීමේ අභිලාෂයෙන් යුද හමුදාවට අලුතින් බඳවා ගන්නා ලද දමිළ සහ සිංහල සෙබළ සෙබළියන් එක්ව ඉදිරිපත් කළ ‘සත්රංගා’ සංස්කෘතික කණ්ඩායමේ මංගල දැක්ම කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පසුගියදා එළිදැක්විණි.
     
    කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ආරාධනයෙන් මෙම උත්කර්ශවත් ආරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම නිර්මාණශිලී සංකල්පය යථාර්තයක් බවට පත් කරන්නට උද්යෝගිමත් දායකත්වයක් ලබා දුන් යුද හමුදාපති  සිය ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව සිදුකළ ප්‍රථම කිලිනොච්චි සංචාරය අතරතුර දී සහභාගි වූ අතර කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කේතිශ්වරන් මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද, දමිළ සෙබළ සෙබළියන්ගේ දෙමාපියෝ ද මීට එක්ව සිටියහ.
     
    මංගල දැක්ම විචිත්‍රවත් කරමින් පාරම්පරික සංස්කෘතික අංග රැසක් ඉදිරිපත් කරන්නට වුයේ රැස්ව සිටින්නන් අමන්දානන්දයට පත් කරමිනි. දමිළ සෙබළුන් විසින් ම විවිධ සංගීත රටාවන් ගෙන හැරපාමින් සම්ප්‍රදායික සංගීත භාණ්ඩ වාදනය කිරීම තුළින් ඔවුන්ගේ දක්ෂතා මොනවට පැහැදිලි විය. උපදේශකයන් කිහිපදෙනෙකු සමඟින් ඉදිරිපත් කළ මෙම සංදර්ශනය කිලිනොච්චි සංස්කෘතික අංශභාර රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම සෙබළුන්ගේ දෙමාපියන්ගේ ද ප්‍රසාදයට ලක් වූහ.
     
    මෙහි සියලු නර්තන ශිල්පීන් සහ කලාකරුවන් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන සේනාංක, බලසේනා සහ සියලු බලඇණිවලින් තෝරා ගැනීමෙන් අනතුරුව, ඔවුන්ව සෞන්දර්ය අධ්‍යයනය සඳහා නර්තන පුහුණුකරුවන් හා උපදේශකයන් සමඟ මාස තුනක් පුරා පුහුණුවක් ලබා දෙන ලදී. මේ සඳහා ප්‍රදේශයේ කලාකරුවන් රැසක් ස්වේච්ඡාවෙන්ම උදව් කිරීමට ඉදිරිපත් වූහ. මෙහි පළමු අදියර යටතේ,  කෝවිල් පූජා හා වෙනත් හින්දු උත්සවයන් හි නර්ථනාංග පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලදී. 
     
    යුද හමුදා ඉතිහාසයේ  ප්‍රථම වරට සිදුකළ මෙම ව්‍යාපෘතියේ අරමුණ ලෙස සිංහල හා දමිළ ජාතීන් අතර වාර්ගික සහයෝගීතාව, අවබෝධය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම දැක්විය හැකිය.
     
    මෙම වර්ණවත් අවස්ථාව නැරඹිම සඳහා මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රජයේ නිලධාරීහු, පාසල් ගුරුවරු සහ සිසුහු, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ නිලධාරීහු සහ සෙසු නිලයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya