අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දහම් සරසවි ඩිප්ලෝමා පාඨමාලාව සඳහා දහම් පාසල් ගුරු භවතුන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ

    මාර්තු 22, 2015
    දහම් සරසවි ඩිප්ලෝමා පාඨමාලාව සඳහා මාතර දිස්ති‍්‍රක්කයේ දහම් පාසල් ගුරුභවතුන් තෝරා ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්‍ෂණ මාතර දිස්ති‍්‍රක් ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පරදුව ජිනරතන හිමියන් සහ මාතර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක දිද්දෙනිපොත නන්දරතන හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් මාතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණ.
     
    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක්ව මෙම දහම් සරසවි ඩිප්ලෝමා වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ. 
     
    අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර උසස් පෙළ විභාගය අසමත් වීම නිසා බාහිර උපාධි පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාවක් නොමැති සිසුන් සඳහා මෙම දහම් සරසවි ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමෙන් පසු බුද්ධ ධර්මය විෂය මූලිකව බාහිර උපාධි පාඨමාලාව හැදෑරීමට අවස්ථාව උදා වේ.
     
    මේ අවස්ථාවට මාතර දිස්ති‍්‍රක්කයේ සියලු ම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල දහම් පාසල් නියෝජනය කරමින් දහම් පාසල් ගුරුභවතුන් 300කට අධික පිරිසක් සහභාගී වූ බව බෞද්ධ කටයුතු සමායෝජක එස්. කේ. සරත් මහතා පැවසී ය.
     
    මාතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයීය බෞද්ධ කටයුතු අංශය විසින් මෙය සංවිධානය කරන ලදී.
     
    NDH/TI-dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya