අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 ලෝක රූකඩ නාට්‍ය දින සැමරුම් උළෙල හෙට මාතරදී

    මාර්තු 20, 2015
    2015 ලෝක රූකඩ දින සැමරුම් උළෙල සංස්කෘතික  කටයුතු රාජ්‍ය අමාත්‍ය  නන්දිමිත්‍ර ඒකනායක මහතා ගේ ප්‍රධානත්වයෙන් හෙට (21) පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා මාතර නිල්වලා ගුරු අධ්‍යාපන පීඨයේ දී  පැවැත්වේ.
     
    රූකඩ නාට්‍ය ශිල්පීන්ගේ සේවාව අගයකිරීම සඳහා සෑම වසරකම මාර්තු 21 වන දින  "ලෝක රූකඩ දිනය" ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් නම් කර ඇති අතර  ශ්‍රී ලංකාවේ මුල්වරට ලෝක රූකඩ දින සැමරුම 2005 වසරේ පැවත්වා ඇත. එදා සිට අද දක්වාම වර්ෂයක් පාසා ලෝක රූකඩ නාට්‍ය දින සැමරුම උත්කර්ෂවත් ලෙස පවත්වනු ඇත.
     
    මෙවර ලෝක රූකඩ දින සැමරුම් උළෙලේ දී  දේශීය රූකඩ කලාව පිළිබදව විශේෂ දේශනයක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලයනල් බෙන්තරගේ මහතා විසින් සිදුකිරීමට නියමිත අතර ප්‍රවීණ රූකඩ නාට්‍ය ශිල්පීන් විසින් ඉදිරිපත් කරනු ලබන රූකඩ නාට්‍ය සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය.
     
    සංස්කෘතික  කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය රූකඩ රූපණ අනුමණ්ඩලය එක්ව මෙය සංවිධානය කරනු ලබයි.
     
    NDH/TI-dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya