Sat05252013

Last update12:27:31 UTC 2013

දැයේ උරුමය දරුවන්ටයි වැඩසටහන හෙට කෑගල්ලේදී

chaild2012

“දැයේ උරුමය දරුවන්ටයි” වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන පාසල් සිසු දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහනෙහි දෙවන අදියර ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය ජගත් බාලසූරිය මහතාගේ ආරාධනයෙන්, සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය සහ සබරගමු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (29) පෙ.ව. 9.00 සිට ප.ව.12.30 දක්වා කෑගල්ල ශාන්ත ජෝශප් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහන සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ ජාතික සහ පළාත් නියෝජනය වන පරිදි පාසල් 22 ක සිසු දරුදැරියන් සහ ගුරු මහත්ම මහත්මීන් 250 පමණ සහභාගිවීමට නියමිතය.

මෙම අවස්ථාව සදහා සබරගමු පළාත් සභාවේ  ප්‍රධාන ලේකම්, සබරගමු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යතුමාගේ ලේකම්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම්, කෑගල්ල ප්‍රාදේශීය ලේකම්, සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කෑගල්ල  ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිත බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

මෙහිදී වැනසීයන අපේ පුරාවස්තු විනාශය වැළැක්වීම  පිළිබද ව පාර්ලිමේන්තු මන්ත්‍රී, පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමිපාණන් වහන්සේ  විසින් විශේෂ දේශනයක් පවත්වනු ලබන බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි .

ECB

නවතම - ආරක්ෂක

Follow Us
Follow Us
Follow Us