නෙළුම් කුලුනට මංගල මොහොතින් 20 වැනිදා මුල් ගල තැබේ
- Details
- Created on Wednesday, 18 January 2012 14:00
- Hits: 248
සන්නිවේදන තාක්ෂණයේ නිම් වළලු තරණය කරමින් කොළඹ බේරේ වැව අභියස ඉදිකිරීමට නියමිත නුබකුස කරා දිවෙන මහා ප්‍රතාපවත් නෙළුම් කුලුනේ ඉදිකිරීම් සනිටුහන් කරමින් මේ මස 20වැනි දින පෙ.ව. 10.00ට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සුරතින් මුල් ගල තැබීමට කටයුතු යොදා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පැවසීය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා මේ බව ප්‍රකාශ කළේ නෙළුම් කුලුන ඉදිකිරීමේ කටයුතු සිදුකෙරෙන වැඩබිමෙහි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
මෙම යෝජිත බහු සම්ප්‍රේෂණ කුලුන කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි හෙක්ටයාර් 3.06ක භූමි භාගයක මීටර් 350ක් උසකින් යුක්ත ව ඉදි කෙරෙනු ඇත. මෙය ඉදිකිරීමෙන් අනතුරු ව එය දකුණු ආසියාවේ උස ම කුලුන වන අතර ම රටේ මෙන් ම කොළඹ නගරයේ ආකර්ශණීයත්වයේ සංකේතය ද වනු ඇති බව අනූෂ පැල්පිට මහතා තවදුරටත් පැවසීය.
මෙම සම්ප්‍රේෂණ කුලුන මඟින් විදුලි සංදේශ සේවා පහසුකම් සැපයීම මෙන් ම සුවදායී ලෙස ගත කිරීමේ අවස්ථාව ද ජනතාවට සලසා දෙයි. එමෙන් ම මෙය ඉදිකිරීමත් සමඟ ම අවම වශයෙන් ඉදිරියේ දී රූපවාහිනී සේවා සපයන්නන් 50කට, විදුලි සංදේශ සේවා සපයන්නන් 20කට සහ ගුවන් විදුලි සේවා සපයන්නන් 50කට පමණ පහසුකම් සැපයිය හැකි වේ.
එමෙන් ම කුලුන ඉදිකිරීමෙන් අනතුරු ව එහි දෙවන අදියර ලෙස නවීන පහසුකම්වලින් යුත් උද්‍යානයක් ඊට යාබද ව ඉදිකිරීමට ද පියවර ගෙන ඇති බැවින් මෙය ඉදිකිරීමෙන් අනතුරු ව සංචාරකයින් මේ රටට ඇද ගැනීමට එය විශාල හේතුවක් වන බව පැවසූ පැල්පිට මහතා ඉදිකිරීම් ආරම්භ කර මාස 30ක් ඇතුළත මෙම කුලුනේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කටයුතු යොදා ඇති බව පැවසීය.
ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේදී තොරතුරු තාක්ෂණයෙන් හා සන්නිවේදන තාක්ෂණයෙන් වඩාත් ඉහළට රට ගමන් කර වීම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ එක් අරමුණක් වන බව පැවසූ අනූෂ පැල්පිට මහතා ඒ අනුව මහින්ද චින්තන ඉදිරි දැක්ම හීනයක් නොව යථාර්ථයක්ම වන බව මෙමඟින් ද මනාව පසක් වන බව වැඩිදුරටත් පැවසීය.![]()
![]()
![]()
![]()
ECB